ක්‍රියාකාරකම්
  • පරිසර නියමු කණ්ඩායම පදක්කම් ලබති.

විද්‍යාලයීය පරිසර නියමු කණ්ඩායම පසුගිය දා සිය මූලික පදක්ම් ලැබීය. විදුහල්පති තුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පදක්කම් පැළඳවීමේ අවස්ථාවට කණ්ඩායෙමේ සාමාජික සාමාජිකාවන්ගේ දෙමාපියන්ද සහභාගී වූහ.

ඡායා රූ

  • මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කළ වගයි....

බ/ඔරුබැදිවැව ද්විතියික පාසලේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් අතින් 2014 සැප්තැම්බර් මස 11 වන දින පෙරවරුවේ සිසු අය්තියට පත් කෙරිණ. අධ්‍යාපන අමාත්‍ය ගරු බන්ධුල ගුණවර්ධන මැතිතුමන් විදේශ කටයුතු අමාත්‍ය ගරු ජී.එල්. පීරිස් මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

නව විද්‍යාගාර ගොඩනැගිල්ල ගණිතාගාරයක් ජීව/රසායන විද්‍යාගාරයක් තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් භාෂාගාරයක් හා ණැනස දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානයකින් සමන්විත වේ.

අතිගරු ජනාධිපතිතුමන් සමග සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටීමේ අවස්ථාවද මෙහිදී සිසු සිසුවියන්ට අවස්ථාව උදාවිය.

ඡායා රූ

  • English Camp

        Conducting English Camps is one of the major activities which could provide a lot of oppotunities for the children to use English.
             Camping is a process in which students can get together and work in a stress free learning situation cooperativly and collaboratively. Here students are given more oppotunities to acquire language meaningfully in an authentic atmosphere. This also ensures that the leaning bydoing.
        With intention of giving more oppotunities for students to develop language skills within a set time frame, the English unit of B/Orubendiwewa secondary  school  organized an English camp for the students of grade nine classes on the 1st of July 2014 from 8.00 am to 2.00 pm in the school grounds. The chief guest was Mr. R.B. Jayawardena, the divisional director of Rideemaliyadda. The Principal Mr. Gamini Amarasinghe also participated in this occation. Mr. K.H.M. Karunathilake, the teacher of English of B/ Bandaranayake M.V., Mr.Madugalla, the teacher of English of B/Dambagolla K.V., Mr. Asoka Pathirana, the teacher of English of English of B/Dehigolla M.V., Mr. Saman, the teacher of English of B/Dambana K.V., Miss. Sakalasooriya, the teacher of English of B/Bathalayaya M.V., Miss Samarakoon, the teacher of English of B/Mahiyanaganaya National College participated as resource teachers in this camp.
           The e camp was full of activities such as language games, action rhyms, songs, chants etc. Children enjoyed very much and had a lot of learning experiences. The principal, Vice principals, teachers in the staff and all the teachers of English of our school gave their fullest support to make the camp a sucsess.
I
L.B. Navarathne
The subject chief of English
B/Orubendiwewa Secondery School.
to see photoes
  • පොසොන් පෝය දිනය වෙනුවෙන් සීල භාවනා වැඩසටහන්
        2014 පොසොන් පෝය නිමිති කරගනිමින් 2014 ජුනි මස 11 වන දින විද්‍යාලය තුළ සීල භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන සදහා විද්‍යාලයේ සියළුම ශ්‍රේණිවල සිසු සිසුවියන් සහභාගී වූ අතර ධර්ම දේශනා භාවනා වැඩසටහන් හා කාව්‍යමය ධර්ම දේශනා ද වැඩසටනට ඇතුළත් විය. ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකින්ම මෙම වැඩසටහන සදහා භික්ෂූන් වහනසේලා දායකවූහ. සීල සමාදානයට සහභාගී වූ දරැවන් වෙනුවෙන් දන් පිළි ගැන්වීම දානය පිළියෙල කිරීම හා පිරිකර සපයා දීම ආදී කටයුතු වෙනුවෙන් දෙමාපියන් උද්යෝගයෙන් කටයුතු කළහ.

කැමරා ඇසින්
poson1




  • 2014 - 2016 උසස් පෙළ සිසුන් බ‍දවා ගැනේ
  •    

        2014 - 2014 අධ්‍යයන කාලය වෙනුවෙන් නව උසස් පෙළ පන්ති වලට සිසුන් ඇතුළත් කර ගැනීම 2014 ජුනි 10 වන දින ගරු විදුහල්පති ගාමිණී         අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සරසවි ශාලාවේදී සිදු කෙරින. 2013         දෙසැම්බර් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මත පාසල වෙත          යොමු කර තිබූ  200කට ආසන්න අයදුම්පත් අතරින් සම්මුඛ පරීක්ෂණයට       ඉදිරිපත්ව ඉන් සමත්ව උසස් පෙළ වරම් ලැබීමට සමත්වූ සිසුන් කලා            වාණිජ්‍ය විද්‍යා-ගණිත පන්ති වෙනුවෙන් ඇතුලත් කර ගන්නා ලදී.







  • ඔරුබැදිවැව ඊ-සගරාව
                විද්‍යාලයීය සිසු දරු දැරියන් ගේ නිර්මාණ කුසලතා එළි දැක්වීම සදහා නිර්මාණය වන
 .

            ඊ- සගරාව 2014 මාර්තු මස 20 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී එළි දක්වනු ලැබිණ. මෙම අවස්ථාව විද්‍යාලයීය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ විදුහල්පති තුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයේ අදහස විය. අන්තර්ජාලය ඔස්සේ මෙම සගරාව පරිහීලනයට අවස්ථාව දැන් උදා කර දී ඇත. මීලග කලාපය වෙනුවෙන් දැන් නිර්මාණ භාර ගනු ලැබේ.

ඊ-සගරාව වෙත පිවිසෙන්න
එළි දැක්වීමේ අවස්ථාව කැමරා ඇසින්...